කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ විභාගවෙමින් පැවති නඩුවක සාක්ෂිකරුවෙක් සාක්ෂි දෙන දර්ශණය වීඩියෝ කළ සැකකාරියකට ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම රුපියක් 1,000 ක දඩ මුදලක් නියම කළේය
ඊයේ දින එම අධිකරණයේ විභාගවුන නඩුවකදී සිය පියා සාක්ෂි ලබා දෙන අවස්ථාව ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර ඇත . එම සිද්ධිය දුටු අධිකරණයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු විසින් සැකකාරිය ජංගම දුරකථනය සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණ පොලිස් මුරපොළට භාරදී ඇත . අනතුරුව කෙසෙල්වත්ත පොලීසිය ඇයට එරෙහිව චෝදනා ගොනු කර ඇත .
කොළඹ අතිරේක මහේස්ත්රාත් අධිකරණ අංක 2 හි විවෘත අධිකරණ ශාලාවේ සිටියදී, නඩුවක් සම්බන්ධයෙන් ඇගේ පියා සාක්ෂි ලබා දෙන අවස්ථාවේදී වීඩියෝ කර ඇතිබව පොලිසිය වීසින් අධිකරණයට දනුම් දෙන ලද අතර සැකකාරිය එහිදී තම වරද පිළිගෙන ඇත.
ඇයට රුපියල් 1,000 ක දඩයක් නියමකරන ලද අතර වීඩියෝව ජංගම දුර කථනයෙන් මකා දැමිමටද ප්රධාන මහේස්ත්රාත්වරයා නියෝග කළේය.