වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතිබව ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් පැවසූවාය .
මේ වන විටත් ඊට අදාල සාකච්ඡා ආරම්භ වී ඇති බවත්, වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බවට රාජය යොජනාවක ඉදිරිපත් කර ඇති බවත් ඊට සමගාමීව සමාජ මාධ්‍ය ප්‍රවේශය ද තහනම් කිරීම සඳහා අවධානය යොමුව ඇති බවත් ඇය පවසන්නීය .
ලෝකයේ රටවල් රැසක් පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව ඇති බව අමාත්‍යවරිය සඳහන් කළාය.