පාරිභෝගික අධිකාරියෙන් වෙළෙදුන් 1500 කට නඩු.

උත්සව සමයේ වැඩිමිලට භාණ්ඩ අ්ළවි කිරීම, තොග සඟවා තබා ගැනීම සහ විකිණීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වෙළෙදුන් 1500 කට ආසන්න සංඛ්‍යාවකට නඩු පැවරීමට නියමිත බව පාරිභෝගික අධිකාරිය පැවසයි.

වෙළෙඳපොල වැටලීම්වලට සමගාවීම විශේෂයෙන්ම බිත්තර ගොවිපලවල් ද වැටලීම් හා විමර්ෂන සඳහා නිලධාරින් යොමු කරන බවත් පාරිභෝගික අධිකාරිය උත්සව සමයේ රාජකාරින් සඳහා විශේෂ කණ්ඩායම් ද යොදවා ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම නිවාඩු දිනවල ඇතුළුව අවශ්‍ය අවස්ථාවල රාත්‍රී කාලයේද අධිකාරියේ නිලධාරීන් රාජකාරි කරන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *