පාප් වහන්සේ රෝහල් ගත කරයි

ශුද්ධෝත්තම පළමුවන ෆ්රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ, ශ්වසන අපහසුතාවක් හේතුවෙනි.

කෙසේවෙතත් ශුද්ධෝත්තම පියතුමන් තවත් දින කිහිපයක් රෝහලේ රැඳී සිටීනු ඇතැයි වතිකානය ද පවසා තිබේ.

86 වන වියෙහි පසුවන පාප් වහන්සේට පසුගිය දින කිහිපය තුළම ශ්වසන අපහසුතා පැවැති බව ද සඳහන්ය.

එළඹෙන අප්‍රෙල් මාසයේදී ශුද්ධෝත්තම පියතුමන් හංගේරියාවේ සංචාරයක නිරත වීමට ද නියමිතව තිබෙන බවත් අයහපත් සෞඛ්‍ය තත්ත්වය හමුවේ එම සංචාර කල්දමන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බවත විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *