ප්‍රසන්නගෙන් ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ගැන ඉඟියක්

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වනු ඇතැයි ආණ්ඩුවේ බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් පසුවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකත්වයට ඉදිරිපත්වන්නේනම් ඔහුට සහාය පළ කිරීමට කිසිඳු ගැටලුවක් නොමැති බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,
“පොහොට්ටුවේ කවුරුත් තාම කියලා නෑ ඊළඟ මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරනවා ද නැද්ද කියන ඒක අපි ප්‍රසිද්ධියේ කියන්නේ නෑ. හේතුව තාම ජනාධිපතිවරණයක් නම් කරලා නෑ. ජනාධිපතිවරණයක් නම් කරපු වෙලාවට අපි කියන්නම් අපේ අපේක්ෂකයා කවුද කියලා. එතුමා ගන්න සමහර තීන්දු ජනප්‍රිය තීන්දු නෙවෙයි. හැබැයි රටේ අනාගතය වෙනුවෙන් ගන්න තීන්දු මත රට යම් ස්ථාවර මට්ටමකට රට පත් වෙලා තියෙනවා. අපේ ආණ්ඩුවේ බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතා, අපි දන්නේ නෑ එතුමා තාම නිවේදනයක් කරලා නෑ. ජනාධිපතිවරණයක් තියෙනවා නම් එතුමා එනවානම් අපිට කිසිම ගැටලුවක් නැහැ එතුමාට උදව් කරන්න.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *