ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්යයි

අද (25) පාර්ලිමේන්තුවේදී අපරාධ නඩු විධාන සංග්‍රහය පනත යටතේ 2023 ජනවාරි මස 30 දිනැති අංක 2217/28 ගැසට් පත්‍රයේ පළකළ නියමය අද විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කිරීම තවත් සති කිහිපයක් ප්‍රමාද කිරීමට කටයුතු කළ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු එම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළම විවිධ මතගැටුම් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *