ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද විශේෂ සාකච්ඡාවක

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද (03) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පවත්වන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේය.

එහිදී මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණයට පැමිණෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම ජනතාවගෙන් එල්ල වන විරෝධතා වැළැක්වීමේ අරමුණින් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගෙන ඒමට ආණ්ඩුව උත්සහා දරමින් සිටින බව සමගි ජන බලවේගය පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *