පළාත් පාලන මැතිවරණය නව සීමා නිර්ණයට අනුව

පළාත් පාලන මැතිවරණය නව සීමා නිර්ණ වාර්තාවට අනුව පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වර්තමානයේ 8,000 ඉක්මවන පළත් පාලන ආයතන සභික ධුර සංඛ්‍යාව 4,714 දක්ව අඩු කිරීමට මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය පිළිබඳ නව වාර්තාව මඟින් යෝජනා කර ඇත.
කෙසේ වෙතත් නව සීමා නිර්ණ වාර්තාවට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කළ යුතුය. එමෙන්ම දැනට කැඳවා ඇති නාම යෝජන අවලංගු කිරීමටද රජයේ අවධානය යොමුව ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *