පළාත් පාලන ආයතන පාලනය ගැන ආණ්ඩුකාරවරුන්ව දැනුවත් කෙරේ

පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස් පාලනයකට යටත් කිරීමෙන් අනතුරුව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් දැනුවත් කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධ පියවර ගෙන තිබේ.

එළඹෙන 19 වනදායින් අනතුරුව පළාත් පාලන ආයතන 341ක නිල කාලය කොමසාරිස් පාලනයකට යටත් කිරීමට නියමිතය.

ඒ අනුව, මහනගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන්ට සහ නගර සභා හා ප්‍රාදේශීය සභාවල පාලනය එහි ලේකම්වරු යටතට පත්වනු ඇත.

රජය ගනු ලබන තීන්දු, තීරණ පළාත් පාලන ආයතන මට්ටමෙන් ක්‍රියාවට නැංවීමේදී ජනතා අපේක්‍ෂාවන් ඉටුවන අන්දමින් ක්‍රියාත්මක කිරීම සහ පළාත් පාලන ආයතනවල කටයුතු පිළිබඳව නිරන්තර සොයා බැලීමක් ආණ්ඩුකාරවරුන් විසින් කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *