පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට

පළාත් පාලන ආයතනවල නව ධුර කාලය කඩිනමින් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිෂන් සභාව සහ අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කර අදාළ දිනය ප්‍රකාශයට පත් කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් භාවිත කරන සියලු රාජ්‍ය දේපොළ 19 වැනි දාට පෙර අදාළ ආයතන වෙත භාරදෙන්නැයි පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ, 19 වැනි දා මධ්‍යම රාත්‍රී 12 න් පසු පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමෙන් පසු එහි පාලන කටයුතු නාගරික කොමසාරිස්වරුන් සහ සභා ලේකම්වරුන් යටතට පැවරෙන බවයි.

ලබන 19 වැනි දායින් පසු පළාත් පාලන ආයතන මගින් සිදුකළ යුත්තේ, ප්‍රතිසංස්කරණ කටයුතු පමණක් බව ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *