පළාත් පාලන ආයතනවල නිළ කාලය තව දුරටත් දීර්ඝ කිරීමේ උත්සහයක්

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඡන්දයට මුදල් ලබාදිය හැකි කාලසීමාව ප්‍රකාශ කරන්නේ නම් ඒ වනතෙක් පළාත්පාලන ආයතනවල කාලය දීර්ඝ කිරීමට අමාත්‍යවරයාට නීතිමය ප්‍රතිපාදන පවතින බව මහලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කරයි.

ඒ අනුව පසුගිය සතියේ පළාත්පාලන ආයතනවල කාලය දීර්ඝ කරන ලෙස විෂයභාර අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දැනුවත් කළ බව ඔහු වැඩි දුරටත් පැවසීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනුයේ පවතින නිතීය තුළ පළාත් පාලන ආයතනවල කාලය දිර්ඝ කිරිමේ හැකියාවක් නොමැති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *