පන්දුව පළුදු කළ බවට ඉන්දීය ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට චෝදනාවක්


ඉන්දීය කණ්ඩායම සහ සංචාරයක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන බෝඩර් – ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඊයේ ආරම්භ විය.
ඊයේ දිනයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 177කදී බිඳ වැටිණි.
එහිදී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් විය.
කෙසේ වෙතත්, රවීන්ද්‍ර ජඩේජා සිය ඇඟිලිවල යමක් ආලේප කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ඔහු පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සහ කළ බවට චෝදනාවක් එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට නායක රෝහිත් ෂර්මා සහ රවීන්ද්‍ර ජඩේජා තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් මුණ ගැසී ඇති අතර, තමන් වේදනා නාශක ආලේපනයක් ඇඟිලිවල තවරා ගත් බව ජඩේජා එහිදී පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනු ඇතැයි ඔස්ට්‍රේලියා මාධ්‍ය පවසයි.
මේ වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 272ක් රැස් කර සිටී.
රවීන්ද්‍ර ජඩේජා පිත්තෙන් ද දස්කම් දක්වමින් නොදැවී ලකුණු 53ක් රැස් කර සිටියේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *