”නීතීඥයන් බදු වංචා කරන හැටි මම දන්නවා” මහ බැංකු අධිපති කියයි.

රජය විසින් පනවා ඇති උපයන විට ගෙවීමේ බද්දට නීතිඥවරුන් විරෝධය නොදක්වන්න හේතුව තමා දන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

බැංකුකරුවන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි වෘතිකයන් උපයන විට ගෙවීමේ බද්දට විරුද්ධවනුයේ ඔවුනට තම ආදායම සැඟවිය නොහැකි නිසා බව පැවසූ මහ බැංකු අධිපතිවරයා, නීතිඥයන් බදු මග හරින ආකාරය දන්නා බැවින් ඔවුන් ඊට විරුද්ධ නොවන බව පැවසීය. ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන ආදායම නීතීඥයන් ප්‍රකාශයට පත් නොකරන නිසා ඔවුනට උපයන විට ගෙවීමේ බද්ද ප්‍රශ්ණයක් නොවනා බව මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය කොළඹ දී පවත්වන ලද සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය. පහත වීඩියෝව නරඹන්න (දෙරණ අනුග්‍රහයෙනි)

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *