නිල් චිත්‍රපට නිළියකට අල්ලස් දිම පිළිබඳ ට්‍රම්ප්ට එරෙහි නඩුව අද විභාගයට

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නිව්යෝර්ක් වෙත පැමිණ ඇති බව වාර්තා වේ. නිල් චිත්‍රපට නිළියකවූ ස්ටෝමි ඩැනියෙල් සමග පැවති ලිංගික සබඳතවයක් වසන් කිරිම වෙනුවෙන් ඇයට ඩොලර් 130,000 (පවුම් 105,000) මුදලක් ලබදීම වෙනුවෙන් හිටපු ජනධිපතිවරයාට ගොනුකර ඇති අපරාධ චෝදනා පිළිබඳ විභාගයට ඔහු අද දින මුහුණ දීමට නියමිතය

ස්ටෝමී ඩැනියෙල්ස් සමග පැවති ලිංගික සබඳතාවය හෙළි වුයේනම් එය 2016 ජනාධිපතිවරණයෙදී ඔහුට අහිතකර ලෙස බලපැමට තිබූ නිසා මෙලෙස මුදල් දී ඇය නිහඬ කළ බව ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත . 76 හැවිරිදි ට්‍රම්ප් අපරාධ නඩුවකට මුහුණදුන් ඉතිහාසයේ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස සැලකේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *