නකල්ස් රක්ෂිතයේ මහ රෑ රහසේම පැවති සාදය

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් රැස්වී නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් සාදයක් පවත්වා තිබෙනවා.

මෙහිදී කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 5 දෙනකු සහ තරුණයන් 17 දෙනකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල, කොළඹ, බදුල්ල, මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

මෙම කණ්ඩායමේ විශ්ව විද්‍යාල සිසුන්, ආරක්ෂක අංශයට සම්බන්ධ යැයි කියන පුද්ගලයකු සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු පුද්ගලයන් ද සිටින බවයි වාර්තා වන්නේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!