ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය තහනම ඉවත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නිකුත් කර තිබු නියෝගය ඉවත් කර තිබේන බව වාර්තා වේ.
කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින සිටි ඔහුට සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව අද (07) යළි කැඳවු අවස්ථාවේදී මේ බව දන්වා තිබේ.

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වෙනිදා සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට ගත් අතර
දින 11ක් පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවා තැබීමේන් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇපයක් මත ඔහු මුඳාහරිනු ලැබු‍වේ නොවැම්බර් 17 වැනිදාය.

ධනුෂ්ක ගුණතිලකගේ නඩුව යළි අප්‍රේල් 27 වනදා කැඳවීමට නියමිතව තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *