දොම්පේ, බියගම, කැලණිය ජනතාවට වහා ඉවත් වෙන්නැයි නිවේදනයක්

දොම්පේ, බියගම, කැලණිය ආශ්‍රිත ජනතාවට හැකි ඉක්මනින් ඉවත්වන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ පවසනවා.

පවතින සුළු ගංවතුර තත්ත්වය තව පැය කිහිපයකින් මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බැවින් මෙසේ අනතුරු ඇඟවීම් සිදු කළ බව ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියා.

එමෙන්ම එහි සිටින ජනතාව ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.