ඊසාන දිග මෝසම් සක්‍රිය වීම සමඟ දෙසැම්බර් හා ජනවාරි මස අඩු පීඩන ප්‍රදේශ තරංග ආකාරයේ කැළඹීම්, අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථ්හනය කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
පසුගිය වසර 30 තුළ ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධ දත්ත පරිශීලනය කර ඉදිරිපත් කළ වාර්තාවක් මඟින් මෙම තොරතුරු හෙළිව ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය .
මෙහිදී උතුරු පළාත තුළ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි අතර උතුරුමැද, නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වල සාමාන්‍ය අගයට ආසන්න වර්ෂාවක් පැවැතිය හැකි බව සඳහන් කර ඇත.
බටහිර හා දකුණු පළාත්වලට සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් පැවතිය හැකි බව එම දත්ත අනුව පුරෝකථනය කර තිබේ .
කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තනේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා පවසන්නේ දෙසැම්බර් හා ජනවාරි මාසවලදී අඩුපීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැළඹීම්, අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් පවතින බවත් එසේ සිදුවුවහොත් මෙම කාලගුණ තත්ත්වය වෙනස් විය හැකි බවත්ය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථනයේ සභාපතිවරයා ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය .