දෙවන වරටත් මැතිවරණය කල්යන ලකුණු

දෙවන වරටත් පළාත් පාලන මැතිවරණය කල් යනු ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

මාර්තු මස 09 වනදා පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමේ පළමු දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර අනතුරුව අප්‍රේල් මස 25 වනදා කල් දැමීමට තීරණය කෙරිණි.

මුදල් ලබා නොදීම හේතුවෙන් ජන්ද පත්‍රිකා මුද්‍රණය නොකිරීම නිසා මැතිවරණය කල්යාමට හේතුවනු ඇති බව සඳහන් වේ.

එහෙත් මේ දක්වාත් මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් කොමිසම නිල නිවේදනයක් නිකුත් කර නැත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *