දෙමළ ශිෂ්‍ය සංවිධාන විරෝධය නිසා නාමල්ට ඔක්ස්ෆර්ඩ් සරසවියේ දොර වැසේ

බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධාන සහ ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය හමුවේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තමා සහභාගී වීමට නියමිතව තිබූ දේශනයක් අවලංගු කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය x සමාජ ගිණුමෙහි සටහනක් තබමින් අදහස් පල කර තිබුනි .

එම සටහනේ සඳහන්ව ඇත්තේ තමාට ලද ආරාධනය මත කොන්දේසි විරහිතව පිළිගත් නමුත් සංවිධානාත්මක පිරිස් විසින් ඇතිකරන ලද පීඩනය හේතුවෙන් දේශන සහ සංවාද අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලයට සිදුව ඇති බවයි.

බාධා කිරීම් වෙනුවට සාකච්ජා හරහා කරන ආමන්ත්‍රණ බිය ගැන්වීමෙන් නිහඬ කිරීමට වඩා තර්කය හරහා හුවමාරුව වැදගත් බව සමාජයට ඉදිරිපත් කරන බවද නාමල් රාජපක්ෂගේ එම නිවේදනයේ සඳහන්ව තිබෙනවා.

කෙසේ වෙතත් තමන්ට ආරාධනා කිරීම සම්බන්ධව එම සමිති ද්විත්වයටම සිය ස්තූතිය පළ කරන බව සඳහන් කර ඇති මන්ත්‍රීවරයා සිය සටහන මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අනාගතයේදී සංවාද පවතින සාකච්ඡාවන් දිරිමත් කරන සංසදයක හමුවීමට අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.