පවතින අධික වර්ෂාපතනයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ (20) පස්වරුවේ නිකුත් කරනු ලැබූ නායයෑම් රතු නිවේදන හමුවේ දිස්ත්‍රික්ක 3 කට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3 ක පවුල් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රියන්ත කොඩිප්පිලි පවසයි.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර බඹර බැද්ද ප්‍රදේශයේ පවුල් 40ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෝවිල් කන්ද ප්‍රදේශයේ පවුල් 02ක් සහ මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරලේ කළුගල්තැන්න ප්‍රදේශයේ පවුල් 05ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇතිබව වාර්තා වේ.
ඊට අමතරව පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන අදියර දෙකක් යටතේ නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
එම දිස්ත්‍රික්ක සහ අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මෙසේය.
මහනුවර දිස්ත්‍රික්කය (අදියර 2)
යටිනුවර, දොළුව, උඩුදුම්බර, ගඟ ඉහළ කොරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, කෑගල්ල, දෙහිඕවිට, අරණායක, මාවනැල්ල,
මාතලේ දිස්ත්‍රික්කය
රත්තොට, අඹගමුවකොරළය, ලග්ගල පල්ලේගම, විල්ගමුව, උකුවෙල, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර
බදුල්ල දිස්ත්‍රික්කය
හම්දුම්මුල්ල,
නුවරඑළිය දිස්ත්‍රික්කය
නිල්දණ්ඩහින්න, වලපනේ,
රත්නපුර දිස්ත්‍රික්කය
අයගම, කිරිල්ල
බදුල්ල දිස්ත්‍රික්කය (අදියර 1)
මීගහකිවුල, කන්ඳකැටිය, හපුතලේ, පස්සර.
ගාල්ල දිස්ත්‍රික්ය
නියාගම,
හම්බන්තොට දිස්ත්‍රික්කය
වලස්මුල්ල,
මහනුවර දිස්ත්‍රික්කය
උඩුදුම්බර, පහතදුම්බර, උඩපළාත, උඩුනුවර, පස්බාගේ කෝරළය, පහත හේවාහැට,
කෑගල්ල දිස්ත්‍රික්කය
දැරණියගල,
මොනරාගල දිස්ත්‍රික්කය
බඩල්කුඹුර,
නුවරඑළිය දිස්ත්‍රික්කය කොත්මලේ බටහිර, හඟුරන්කෙත, අඹගමුව, කොත්මලේ නැගෙනහිර සහ මතුරට,
රත්නපුර දිස්ත්‍රික්කය
කුරුවිට, කලවාන, ඇහැළියගොඩ සහ කොලොන්න
මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට පස්වරු 08.30 දක්වා ක්‍රියාත්මක බවද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.