දෑස් අන්ධ වල් අලියා පනපිටින් පිළිස්සූ තිදෙනාම අත් අඩංගුවට.

සීප්පුකුලම ප්‍රදේශයේ දී රෝගී වන අලියෙක් පුළුස්සා හින්සනයට ලක් කර මරා දැමීම පිළිබඳව සැකකරුවන් තිදෙනෙකු මිහින්තලය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පිරිස වන අලියා ගින්නෙන් පුලුස්සා හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, ඒ අනුව මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇති බ්ව වර්තා වෙයි .

මෙම හිංසාවට ලක්වූ වනඅලියා මිහින්තලය පොලීස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ සරිසරමින් සිටියේය. අලියාගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වකුගඩු හා අක්මාවේ ඇති වු රෝගී තත්ත්වය හා පිලිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු හේතුවෙන් මරණයට පත්ව ඇති බවට නියගමනය කර ඇතැයි පොලීසිය පැවසීය. ඊට අමතරව මෙම අලියාගේ දෑස් අන්ධව තිබූ බවද ප්‍රදේශවාසීහු පවසති.

වන අලියාට ගිනි තබා සත්ත්ව හිංසාව සිදුකිරීමේ වරදට මිහින්තලය පොලීසියේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් තිදෙනා එම ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති . එම තිදෙනා අද (18) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.