උතුරු ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල ඊයේ (23) උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවූ බව විදෙස් මාධ්‍ය පවසනවා.
රාජස්ථාන් ප්‍රාන්තයේ බාර්මර් නගරයේ සෙල්සියස් අංශක 48.8 දක්වා උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා.
ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ එළඹෙන බදාදා දක්වා උණුසුම් කාලගුණය පැවතිය හැකි බවයි.
අධික උෂ්ණත්වය නිසා උතුරු ඉන්දියාවේ වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ වැඩකටයුතු ද අඩාල වී ඇති බවයි වාර්තා වෙන්නේ.
උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් විදුලි පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බවත් එම නිසා ප්‍රදේශ කිහිපයක්ම ජල හා විදුලි හිඟයකට මුහුණ දී සිටින බවත් විදෙස් මාධ්‍යයේ සඳහන්.
දිල්ලියේ උපරිම බලශක්ති ඉල්ලුම මෙගාවොට් 8,000 දක්වා ළඟා වූ බවත් එය ඉන්දීය අගනුවර ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය බවත් වාර්තා වෙනවා.
මේ අතර උෂ්ණාධික රෝගවලින් පෙළෙන රෝගීන් වාර්තා වීමද ඉහළ යමින් පවතින අතර එම රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට නගරයේ රෝහල්වල විශේෂ පහසුකම් සකස් කර ඇති බවයි විදෙස් මාධ්‍යය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.