අසර්බයිජානයේ දී අත්අඩංගුවට ගත් මනෝජ් සුරංංග නොහොත්, බටුවත්තේ චාමර නම් සංවිධානාත්මක අපරාධකරු (10) රාත්‍රියේ දිවයිනට රැගෙන ආ බව ගුවන් තොටුපොළ ආරංචිමාර්ග පවසයි .
දිගු කළක් ඩුබායි හී සැඟව සිට මීට වසරකට පමණ පෙර අසර්බයිජානය වෙත පළා ගොස් සිටියදී අත් අඩංගුවට ගත් මොහු රාගම,බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකකි .
සැකකරුට තුසිත හල්ලොලුව වෙත ප්‍රහාරයක් එල්ල කිරීම, ගනේමුල්ල සංජීව ඝාතනය සඳහා ගිනිඅවිය ලබා දීම ඇතුළු සංවිධානාත්මක අපරාධ ගණනාවකට චෝදනා එල්ලව ඇත. ඊට අමතරව මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු ලෙසද පොලිසිය ඔහු හඳුන්වයි .
සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ සිට දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගොස් ඇත .