දරු දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියාට අධිකරණය දුන් තීරණය මෙන්න

අත්බෝම්බයක් සහිතව දරු දෙදෙනා ප්‍රාණ ඇප‍යේ තබාගෙන සිටියදී, පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගත් පියා එළඹෙන 17 දා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ හංවැල්ල, ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචි එම පුද්ගලයා තම බිරිඳ ඝාතනය කිරීම සඳහා අත්බෝම්බයක්ද රැගෙන නිවස වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.

එම අවස්ථාවේ දී කාන්තාව නිවසින් පළාගොස් ඇති අතර අදාළ පුද්ගලයා ඔහුගේ දරුවන් දෙදෙනා නිවසේ කාමරයක ප්‍රාණ ඇපයට තබාගෙන සිට තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බලකාය සිදුකළ පැය 9ක මෙහෙයුමකින් පසු එම පියා අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස ප්‍රාණ ඇපයට ගෙන තිබුණේ අවුරුදු 10ක දැරියක් සහ වයස අවුරුදු 2ක පිරිමි දරුවෙක්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!