ජාතික ක්‍රීඩා පද්ධතිය තුළ ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය පදනමින් රැකියාවට බඳවා ගැනීම සඳහා අමාත්‍යමණ්ඩළ අනුමැතිය හිමිව ඇත .
කුසලතා පූර්ණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිගටම ක්‍රීඩා ක්ෂේස්ත්‍රයේ රඳවා තබා ගැනීම සහ ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා දිරි දීම අරමුණු කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දිගුකාලීන රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීමට හැකි වන පරිදි සාධාරණ හා කුසලතා මත පදනම් වූ තෝරා ගැනීමේ ක්‍රියාවලියක් තුළින් ඔවුනට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා ව්‍යවස්ථාපිත ආයතනවල රැකියා අවස්ථා ලබා දීම මෙහි අරමුණයි . ඊට අදාල ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමර ගමගේ විසින් මෙම යෝජනාව ඉදිරිපත්කර ඇත .
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සුවිශේෂී හැකියාවන් සහිත හා ජයග්‍රහණ අත්කර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙරටින් බිහි වී ඇතත්, ස්ථාවර රැකියා අවස්ථා නොමැතිකම හේතුවෙන් ඔවුන් ක්‍රීඩාවෙන් සමුගැනීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙයි . මෙම නව තීරණය මගින් එම තත්ත්වයට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ .