තෙල් පෝලිමට යන්නට පෙර අංක තහඬුවේ අග අංකය බලන්න.

QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී අද (19) සිට වාහන අංක තහඩුවේ අවසන් අංකය මත සිදුකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත .

ඒ අනුව වාහන අංක තහඩුවේ අවසන් අංකය බින්දුව හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ දිනයක ඉන්ධන ලබාගත හැකි අතර අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් ඔත්තේ දිනයක ඉන්ධන ලබාගත හැකි බවයි.

ඒ අනුව, අද (19) ඔත්තේ දිනයක් වන අතර වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවළ් වන 1, 3, 5, 7, 9 යන ඉලක්කම් ඇති වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවති.

හෙට (20) ඉරට්ටේ සංඛ්‍යාවක් වන බැවින්, අංක තහඬුවේ අවසාන අංකය 0,2,4,6,8,10 වන වාහන සඳහා හෙට ඉන්ධන ලබාගත හැක .