ත්‍රී රෝද ගාස්තු ඉහළයට .

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ත්‍රීරෝද රථ ගාස්තුවද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා පැවසීය .

මේ වන විට පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100ක මුදලක් සහ දෙවැනි කිලෝමීටරය සඳහා රුපියල් 90ක් ලෙස ගාස්තු අයවෙන බැවින් දෙවැනි කිලෝමීටරය සඳහා ද ගාස්තුව රුපියල් 100ක් ලෙස ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවත්, ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය .

ඉන්ධන සීමාවන් හේතුවෙන් ත්‍රිරෝද රථ රියදුරන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනා බැවින් සතියක ඉන්ධන කොටාව ලීටර් 30 දක්වා ඉහළ නංවන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය .