ත්‍රස්ත ප්‍රහාරයකින් හමුදාවේ 5ක් මරුට

ඉන්දියාවේ කාශ්මීරයේ හිමාල කඳුකර ප්‍රදේශයේදී සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේන බව වාර්තා වේ.

එම ප්‍රහාරයෙන් තවත් සෙබළුන් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමක් විසින් අධික වර්ෂාව සහ මීදුම් සහිත කාලගුණ තත්වයක් පවතින අවස්ථාවකදී හමුදා සාමාජිකයින් රැගත් රථයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *