ඩොලර් බිලියන 8.4 ක විදෙස් සංචිත රැස්කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වෙයි.

සිය විදේශ සංචිත අවම වශයෙන් ඩොලර් බිලියන 8.4 කින් ඉහළ නැංවීමේ අභිලාෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටිනා බව වාර්තා වෙයි.

ඉදිරි සති දෙක තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය විස්තීරණ මුදල් පහසුකමේ පළමු කොටස ලබාදීමත් සමග ශ්‍රී ලංකාව සිය විදෙස් සංචිත ගොඩ නැගීම ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහද පැවසීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ලබාදීමට අපේක්ෂිත ඩොලර් බිලියන 2.9 ක මූල්‍ය පහසුකම මෙම මස 20 වැනිදා වන විට අනුමත කරනු ඇතැයි ශ්‍රී ලංකාව බලපොරොත්තු වන අතර, ඊට අමතරව ලෝක බැංකුව දැනටමත් ඩොලර් බිලියන 1.5 ක් ලබා දීමට එකඟතවය පල කර ඇත.

ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඩොලර් බිලියන 1 ක ආධාරයක් ලබා දෙනු ඇතැයි රජය බලාපොරොත්තු වෙන් සිටිනා අතර තෝරාගත් රාජ්‍ය ව්‍යවසාය කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ඩොලර් බිලියන 3ක් රැස්කර ගැනීමට බලාපොරොත්තු වෙයි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *