ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට කරන්න යන දේ .

තව දුරටත් චීනය විසින් ඉරානයට ආයුධ සැපයීම සිදුකරන්නේනම් එරටට එරෙහිව නව බදු හඳුන්වාදෙන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි .

ඒ අනුව චීනයෙන් අමෙරිකාවට ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි 50% ක දැවැන්ත ආනයනික බද්දක් පනවන බවට ඔහු අනතුරු අඟවා ඇත .

“අමෙරිකාවට එරෙහිව කටයුතු කරනා පාර්ශවයන් සන්නද්ධ කිරීම වහාම නතර කළ යුතුයි, එසේ කරනා ඕනෑම රටක් දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සූදානම් විය යුතුයි” ඇමරිකානු ජනාධිපතිවරයා ඵැවසීය .

මීට පෙර පැවති පාලන සමයන්හිදී ප්‍රතිවාදීන්ට ලබාදුන් සහන හේතුවෙන් අමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවත්, චීනය සහ රුසියාව වැනි රටවල් ඉරානයට මිසයිල සහ ආරක්ෂක පද්ධති සැපයීම හරහා ගෝලීය නාවික ගමන් මාර්ග අනතුරේ හෙළන බවත් ධවල මන්දිරය අවධාරණය කරයි. ඇමරිකාව විසින් යෝජනාකරනා 50% අධිභාර බද්ද හමුවේ චීනය යම් ආර්ථික පසුබැසීමක් පෙන්වනු ඇතැයි අනාවැකි පළ වේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම පියවර ඔහුගේ ‘අමෙරිකාව ප්‍රථමයෙන්’ යන විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් තහවුරු කිරීමක් ලෙස දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉරානය සමග දෙසතියක සටන විරාමයක් පවතින අවස්ථාවක ඇමරිකානු ජනාදිපතිවරයා මෙම තර්ජනාත්මක ප්‍රකාශය කර ඇති අතර චීනය තවමත් ඊට ප්‍රතිචාර දක්වා නැත.

දේශපාලන ආරංචි මාර්ග අනුව ලබන මස අවසානය වන විට ජනාධිපති ට්‍රම්ප් චීනයේ සංචාරයේ වෙනසක් සිදු වීමට ඇත්තේ 30% කට වඩා අඩු ඉඩකි . ඉන් ගම්‍ය වන්නේ අමෙරිකාව විසින් එල්ල කරන ලද මෙම බලපෑම හමුවේ බෙයිජිං පාලනය යම් රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවයකට පැමිණීමේ අවශ්‍යතාවයක පසුවන බවයි.