ට්විටර් සමාගමේන් දැඩි තීරණයක්

ට්විටර් සමාගම අප්‍රේල් පළමු වනදා සිට ගෙවිම් නොකළ ගිණුම්වලින් සිය සත්‍යාපන ලාංඡනය (verification blue tick) ඉවත් කිරීමට තීරණය කර තිබේන බව වාර්තා වේ

ඒ අනුව ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ට්විටර් ගිණුමේ සත්‍යාපන ලාංඡන ඉවත් කර ඇති බවත් එය ඇතුළු තවත් ආයතන කිහිපයක සහ ප්‍රසිද්ධ පුද්ගලයන් ඔවුන්ගේ ට්විටර් ගිණුම්වල සත්‍යාපන ලාංඡන සඳහා මුදල් නොගෙවන බවට පැවසීමත් සමග ට්විටර් සමාගම මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර CNN, ලොස් ඇන්ජලීස් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් ඇතුළු බොහෝ ප්‍රවෘත්ති ආයතන ට්විටර් සත්‍යාපනය සඳහා මුදල් නොගෙවන බවද පවසා ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *