ඉරානයේ වරායන් අවහිර කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අණ කිරීමත් සමඟ බොරතෙල් බැරලයක මිල යළිත් වරක් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වර්තා පවසයි.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 7%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල ඩොලර් 102ක් ලෙස දැක්වුණි.
ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් 8%කින් ඉහළ ගොස් ඇති අතර එහි බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 104.50ක් ලෙසයි.