ජෝර්ජියානු රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවක්

ජෝර්ජියානු රජයට එරෙහි විරෝධතා උත්සන්න වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීම හා ස්වාධීන මාධ්‍ය මාධ්‍ය වෙත බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් එරට රජයට චෝදනා එල්ල කරමිනි.

ජෝර්ජියානු පාර්ලිමේන්තුව ඉදිරිපිටට රැස්වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් එරට රජයට එරෙහිව ඊයේ දිනයේ දැවැන්ත විරෝධතාවයක නිරතව තිබේ.

එමෙන්ම සිරගත කර සිටින ජෝර්ජියානු හිටපු ජනාධිපති මිකේල් සකෂ්විල්ට සහය පළ කරමින් එරට ප්‍රධාන විපක්ෂය විසින් එම විරෝධතා රැළිය සංවිධානය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *