ජොනී සහ පුතුන් නැවතත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ තවත් දෙදෙනකු වත්තල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙබරවාරි 13 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ සතොස වාහනයක් අවභාවිත කළ බවට එල්ලවී ඇති චෝදනා මත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරොම් කෙනත් ප්‍රනාන්දු සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලංකා සතොසට අයත් ලොරියක් ඇතුළු රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට සිදුවෙමින් පවතින අතර, එමඟින් රජයට සැලකිය යුතු මූල්‍ය අලාභයක් සිදුකළ බවට හිටපු අමාත්‍යවරයා සහ පවුලේ අයට චෝදනා එල්ලව ඇත.