ජුනි 1 සිට ඉතාලියේ වීසා දෙන්නෙත් VFS ආයතනයලු

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (13) සිදුවුණා.

එළඹෙන ජූනි මස 1 වැනිදා සිට ඉතාලිය සිය වීසා ලබාදීමේ කටයුතු VFS ආයතනය සමඟ එක්ව සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් මහතා අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත දැනුම් දුන්නා.

පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම පිලිබඳවද තානාපතිවරයා සහ අමාත්‍යවරයා අතර මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා.

තානාපතිවරයා අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන යුක්තිය මෙහෙයුම පිළිබඳව තමන් අවධානයෙන් පසුවන බවත් එහි ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටු වන බවයි.

වීඩියෝව මෙතැනින් බලන්න >>>

https://fb.watch/s1wfWTNF7u

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!