ජුනි මාසයේ සිට අලුත් සමාගම් වලින් තෙල් බෙදයි

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරය සහ එක් වන සිනොපෙක් සමාගම ගිවිසුම්ගත වී දින 45 ක් තුල මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වේ.

එමෙන්ම, RM park – shell සමාගම් ජුනි මුල් සතියේ තෙල් බෙදා හැරීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බව ද වාර්තා වේ.

RM Parks-Shell සමාගමේ නිලධාරීන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ හමුවක් ඛනිජ තෙල් හා බලශක්ති අමාත්‍යාංශය අතර පසුගියදා පැවැත්විණ. එහිදී මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපර බලපත්‍ර, ගිවිසුම, ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව සාකච්ඡා කරනු ලැබීමෙන් අනතුරුව මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වීමට වෙන් කර ගැනීමට සහ ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට එකඟතාවය පල කරනු ලැබුවේය.

එමෙන්ම එම සමාගමේ තාක්ෂණික නිළධාරීන් පසුගිය සතියේ තොග ගබඩා පර්යන්තයේ සිදු කල සංචාරයේදී නිරික්ෂණය කල නැව් ගොඩ බැමේදී ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය පහසුකම් ඔවුන්ගේ මුල්‍ය ආයෝජනය තුල මැයි මාසය තුල නවීකරණය කිරීමටද සහය පල කරනු ලැබුවේය.

මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙනුවෙන් නිලධාරීන්ද මාර්ගගත ක්‍රමය ඔස්සේ එක් වනු ලැබුණි.

එමෙන්ම සිනොපෙක් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා මෙරටට පැමිණි අතර ඊයේ දිනයේ ඔවුන් සමග හමුවක් ඛනිජ තෙල් හා බලශක්ති අමාත්‍යංශයේදී පවත්වනු ලැබීය.

මෙහිදී ව්‍යාපර බලපත්‍ර සහ ගිවිසුමට අදාල කරුණු, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය. එහිදී මැයි මස මැද වන විට ගිවිසුම් ගත වීමේ කටයුතු සිදු කිරීමටත්, ගිවිසුම්ගත වී දින 45ක් තුල මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තීරණය කරන ලදි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *