ජාතික රෝහලේ යටඇඳුම් සොරකමේ ගිය සෞඛ්‍ය සේවකයා කොටුවෙයි.

කොළඹ ජාතික රෝහලේ කාන්තා නේවාසිකාගාරයට හොර රහසේ ඇතුළු වී යට ඇඳුම් සොරා ගැනීමේ නිරත වූ සේවකයෙකු ආරක්ෂක නිලධාරීන් විසින් අල්ලා මරදාන පොලීසිය වෙත භාරදී තිබේ.

සැකකරු අල්ලා ගන්නා අවස්ථාවේදී යට ඇඳුම් තුනක් ඔහු සන්තකයේ තිබූ බව ආරංචි මාර්ග පවසයි.

පසුගිය කාලය තුළ කාන්තා නේවාසිකාගාරය තුළින් කාන්තා යට ඇඳුම් සීඝ්‍රයෙන් අස්ථානගත වීම සම්බන්ධයෙන් නේවාසිකව සිටින හෙදියන් ආරක්ෂක අංශයට ද දැනුම් දී තිබේ.

එම නිසා විමසිලිමත් ව සිටි අවස්ථාවේ දී ඊයේ (19) අලුයම සැකකරු පුරුදු ලෙසම නේවාසිකාගාරය වෙත ඇතුළු වී රෙදි වැල්වල දමා තිබූ යටඇඳුම් සොරා ගෙන පිටව යන අවස්ථාවේදී අල්ලා ගත් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලීසිය වෙත භාරදුන් සැකකරු සෞඛ්‍යය කාර්ය සහායකයකු ලෙස රැකියාව කරන කළුතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පමණ පුද්ගලයෙකි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *