ජලසම්පාදන මණ්ඩලයේ සේවකයන් වැඩ වර් ජනයක් අරඹයි

රජය තම ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලබානොදීම හේතුවෙන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩළයේ සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බව ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් පැවසීය. ඒ අනුව තම සාමාජිකයන් සියලු කාර්යාල සේවා හා පාරිභෝගික සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බව ඔහුවැඩි දුරටත් පැවසීය.

ජලය අත්‍යාවශ්‍ය මහජන අවශ්‍යතාවයක් වන බැවින් ජනතාවට සිදුවන අපහසුතාව සලකා ජල සැපයුම පමණක් පවත්වාගෙන යාමට කටයුතු කරන බවත්, ඒ අනුව පොම්පාගාර හා පවිත්‍රාගාර කටයුතු පමණක් සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *