ජ’පුර සරසවිය අසලින් හමු වූ මත්ද්‍රව්‍ය කාගේ ද? වැඩිදුර තොරතුරු මෙන්න (Photos)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි කපිල නැමැත්තාට අයත් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් සොයාගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල සිදුකළ වැටලීමක දීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කියා සිටියේ සොයාගත් එම මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 13ක්, හෑෂ් කිලෝග්‍රෑම් 6ක්, කොකේන් ග්‍රෑම් 500ක් සහ රුපියල් මිලියන 1.5ක මුදල් ද ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!