ජනාධිපති රාජ්‍ය පරිපාලන ලේකම් කැඳවයි

අද (20) උදෑසන ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න හට ජනාධිපති කාර්යාලයෙන් විශේෂ කැඳවීමක් සිදුකර තිබේ.

රාජ්‍ය පරිපාලන ලේකම් නීල් බණ්ඩාර හපුහින්නහට ජනාධිපති කාර්‍යාලයට ස්ථාන මාරුවක් ලබදී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

ඔහු පැවසුවේ තමා රාජ්‍ය පරිපාලනය ලේකම් ධුරයෙන් ඉවත් කර ඇති බවට නොදන්නා නමුත් අද දිනයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදුකර ඇති බවයි.

කෙසේවෙතත් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ඔහුට එම කාර්යාලයේ නව වගකීමක් භාරදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන්ගෙන් ඇප මුදල් බාර නොගන්න ලෙස දිස්ත්‍රික් තේරීම් බාර නිළධාරීන්ට චක්‍රලේඛයක් නිකුත් කළේද රාජ්‍ය පරිපාකන ලෙකම් නිල් බණ්ඩාර හපුහින්න විසිනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *