ජනප්‍රිය කොරියානු ගායන ශිල්පි මුන් බින් අභිරහස් ලෙස මියයයි

දකුණු කොරියානු පොප් ගායක සහ රංගන ශිල්පීයකු වන මූන් බින් ඊයේ රාත්‍රීයේ මියගොස් තිබේ.

සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි ඔහුගේ මහල් නිවසේ දී මියගොස් සිට ඇති බව ඔහුගේ කලමනාකරු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් ඔහු සියදිවි නසාගෙන ඇති බව පෙනන නමුත් මූන් බින්ගේ මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් වාර්තා වේ.

මියයන විට මූන් බින් 25 හැවිරිදි වියේ පසු වුණි.

2016 වසරේ දී ඇස්ට්‍රෝ සංගීත කණ්ඩායමට සහභාගී වු ඔහු රංගන සහ නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *