ජනපති ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින් අතර රැස්වීමක්

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින් අතර රැස්වීමක් ඊයේ(28) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණි.

එම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නායකයින් රැසක් එක්ව සිටි බව වාර්තා වේ.

අද පැවැත්වෙන මුදල් කාරක සභාවේ දී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට කටයුතු කරන බව සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *