ඡන්දයට ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින්ට පළාත් පාලන කොට්ඨාස තුළම රැකියා.

රාජ්‍ය පරිපාලන සහ ස්වාදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාර දුන් රාජ්‍ය සේවකයින්ට තමන් තරග කරන දිස්ත්‍රික්කය හැර ළඟම ඇති පළාත් පාලන කොට්ඨාසය තුළ රැකියාවල නිරත වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රජයේ සේවකයින් සම්බන්ධයෙන් ඡන්දය පවත්වන තෙක් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද නිරීක්ෂණය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට අදාළ වැටුප් සහ දීමනා ගෙවීමට ද නිර්දේශ හිමිව ඇති බව ඊයේ (02) දිනයේ ප්‍රකාශයක් සිදුකරමින් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව පළාත් පාලන ආයතනවල කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් පළාත් ආණ්ඩුකාරවරුන් මාර්ගයෙන් සියලු පළාත් පාලන ආයතන වෙත ලබාදී ඇති බව ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *