චමරි ප්‍රමුඛ පිරිවර අපරාජිතව ‘අවසන් පූර්ව වටයට’ පිය නගන හැටි

අමෙරිකා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

අමෙරිකා තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 123ක් ලබාගත් අතර අමෙරිකා කණ්ඩායමට කඩුලු 6ක් දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 105ක් පමණයි.

චමරි අතපත්තු ලකුණු 14 ට කඩුලු තුනක් දවාගත් අතර ඇය තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!