ඝාතනය කළ ශ්‍රී ලාංකිකයන වෙනුවෙන් කෝටි තුනක අරමුදලක්

පසුගිය බදාදා කැනඩාවේදී ඝාතනය වු ශ්‍රී ලාංකික පවුලේ සාමාජිකයන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා කැනඩාවේ බෞද්ධ සම්මේලනය සිකුරාදා දියත් කරන ලද මාර්ගගත අරමුදලක් රැස්කිරීම අරඹා ඇත. එම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඩොලර් 200,000 රැස්කරලීම එහි අරමුණ වෙයි.

ඊයේ දහවල් වන විට අරමුදල ඩොලර් 130000 ඉක්මවා ඇති අතර එය ශ්‍රී ලංකා රුපියල් වලින් කෝටි 3 ක් පමණ ආසන්න මුදලකි . මෙම අරමුදලට කැනඩාවේ ශ්‍රී ලාංකිකයින්ද ඇතුළු විශාල වශයෙන් මුදල් ලබාදී ඇති අතර ඇතැම් අය ඩොලර් 1000 ක් පමණද පරිත්‍යාග කර ඇතිබව වාර්තාවේ.

විපතට පත් වූවන්ගේ පවුල් සඳහා මූල්‍ය ආධාර ප්‍රාදේශීය බෞද්ධ විහාරස්ථානය (කැනඩාවේ බෞද්ධ සම්මේලනය, 1481 Heron Rd., Ottawa, ON K1V 6A6) ඔස්සේ සම්බන්ධීකරණය කරනු ලැබේ.