ගෙල කපා කාන්තාවක් ඝාතනය කරලා – හොරණින් ඇසෙන බිහිසුණු කතාව මෙන්න

තියුණු ආයුධයකින් ගෙල කපා කාන්තාවක් ඝාතනය කිරීමේ පුවතක් හොරණ, මීවනපලාන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

අද (11) අලුයම නිදා සිටි ඇඳ මතදී ම අදාළ කාන්තාවගෙ ගෙල කපා ඝාතනය කර ඇතිඔ බවයි පොලිසිය පවසන්නේ.

එලෙස ඝාතනය කර ඇත්තේ, බංග්ලාදේශ ජාතිකයෙකු සමග විවාහ වී සිටි 57 හැවිරිදි කාන්තාවක්.

ඝාතනය සිදුවන අවස්ථාවේ දී අදාළ කාන්තාවගේ නැගණියත් එම නිවසේ සිට තිබෙනවා. දැනට සති තුනකට නැගණිය මියගිය කාන්තාවගේ නිවසේ නතර වීමට පැමිණ ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඊයේ රාත්‍රී 7.30 පමණ ඔවුන් දෙදෙනා දොරවල් වසා නින්දට ගොස් ඇති බවත් අලුයම 1.45ට පමණ කළු ඇඳගත්, මුහුණු ආවරණය කරගත් නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් නිවසට පැමිණි බවත් ඝාතනයට ලක් වූ කාන්තාවගේ නැගණිය පොලිස් විමර්ශනවලදී පවසා තිබෙනවා.

ඔවුන් තමාගේ දෙඅත් ගැට ගසා කටට රෙදි ඔබා, මියගිය කාන්තාව නිදා සිටි කාමරය වෙත ගිය බවයි ඇය පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරත් පවසා ඇත්තේ.

සුළු වේලාවකින් පසු සිය නැගණිය කෑ ගසන හඬක් ඇයට ඇසුණු බවත් ඇය පවසා තිබෙනවා.

පසුව මියගිය කාන්තාවගේ නැගණිය ගැට ගසා සිටි දෙඅත් හා කටට ඔබා තිබූ රෙදි කැබැලි සමග ම අසල්වැසි නිවසකට ගොස් මේ බව පවසා ඇති අතර එම අසල්වැසියන් විසින් පොලීසියට කළ දැනුම්දීමක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සැකකරුවන් මියගිය කාන්තාවගේ කාමරයේ තිබූ අල්මාරිය කඩා රෙදි අවුස්සා දමා තිබුණත් එහි තිබූ ස්වර්ණාභරණ හා මුදල් ගෙන ගොස් නොමැති බවයි පොලීසිය පවසන්නේ.

ඝාතකයන් මෙතෙක් හදුනාගෙන නොමැති අතර හොරන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!