ගුවන්තොටුපොළේ පෝටර්ට ‘පහර දුන් බව නොබියව පිළිගත්’ රාජ්‍ය ඇමති මෙන්න

කටුනායක ගුවන්තොටුපොළේ දී ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයෙක්ට පහර දී ඇත්තේ සහ ගුවන්තොටුපොළ ආරක්ෂකයන්ට බැණවැදී තර්ජනය කර ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා බවට තහවුරුව තිබෙනවා.

පසුගිය 14 වනදා බිරිය හා ඇමති ආරක්ෂකයන්ද සමගින් කටුනායක ගුවන්තොටුපොළට ගොස් ඇත්තේ සිය බිරිඳ විදෙස්ගත කිරීම සඳහාවන අතර එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ගිනිඅවි සහිත ඇමති ආරක්ෂකයන් ද සමගින් ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව වාර්තා වනවා.

එම අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් සතු ගිනි අවි රැගෙන යාමට ඉඩදිය නොහැකි බව ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් රාජ්‍ය අමාත්‍යවරයාට පවසා තිබීමත් සමග ඔහු ගුවන්තොටුපොළ ආරක්ෂකයන්ට බැණවැදී ඇති අතර බිරිඳගේ ගමන් මලු රැගෙන ගිය පෝටර්වරයාට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහරදී ඇත්තේ ලබා දුන් මුදල අඩුවීම නිසා බව සඳහන්.

පහරකෑමට ලක්වූ පෝටර්වරයා ගුවන්තොටුපොළ පොලීසිය වෙත ගොස් තිබුණ ද ස්ථානාධිපතිවරයා නොසිටීම හේතුවෙන් යළි පැමිණ ඇති ඇති නමුත් කුමන හෝ හේතුවක් මත ඔහු ඉන් අනතුරුව පොලීසිය වෙත ගොස් නැහැ.

සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ

“මට ඒ වෙලාවේ කේන්ති ගියා.මම කනේ පහරක් ගැහුවා ඒක ඇත්ත.” යනුවෙනුයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!