ගුවන්තොටුපොළෙන් හමුවූ කෝටි 2ක කුෂ්

රුපියල් කෝටි 2කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 278ක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇති අතර හෝමාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!