ගිය අවුරුද්දේ ලංකාවේ ලක්ෂ පහකට රැකිය අහිමි වෙයි.

ඉකුත් වර්ෂය තුළ මෙරට රැකියා අහිමිවූවන් ගණනන් ලක්ෂ 5 කට ආසාන්න බවත්, ඉන් බහුතරය කර්මාන්ත සහ සේවා අංශවල රැකියා කරන කාන්තාවන් බවත් ලෝක බැංකු වාර්තාවක් පවසයි.

මේ බව සඳහන් වනුයේ ලෝක බැංකුවේ දකුණු ආසියානු කළාපය භාර උප සභාපති මාටින් රයිසර් විසින් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථීක තත්ත්වය පිළිබඳ නිකුත් කළ වාර්තාවේය.

ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ තීරණාත්මක මොහොතක පසුවන බවත් වසර ගණනාවක වැරදි ආර්ථික කළමණාකරණය, දුර්වල පාලනය, දුර්වල ප්‍රතිපත්ති තේරීම්, කොවිඩ් වසංගතය සහ රුසියානු යුක්‍රේන ගැටුම් වැනි කරුණු රැසක බලපෑම මත වත්මන් ආර්ථික අර්බුදය හට අගෙන ඇති බව ලෝක බැංකු වාර්තාව පෙන්වදෙයි.

පවතින ආහාර අනාරක්ෂිතභාවය හේතුවෙන් දැනටමත් ළමා මන්දපෝෂණය වැඩිවී ඇති අතර 2021 වසරේ සියයට 7.4ක් වූ ළමා මන්දපෝෂණය 2022 වසරේදී සියයට 9.2 දක්වා වැඩි වී ඇති බව සඳහන්ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *